පුනරුදය

Wednesday, August 1, 2012


 පුනරුදය 

         පුනරුදය යන්නේහි තේරුම නැවත උදා වීමයන්නයි.මුල් කාලයේ ග‍්‍රීක රෝම ශිෂ්ටාචාර ලොව ප‍්‍රධාන සංස්කෘතින්ට අයත් ව තිබූ බව පිළිගැනිණි. කල් යාමේ දී මෙම ශිෂ්ටාචාරවල තිබූ සංස්කෘතික අංග, සාහිත්‍ය,චිත‍්‍ර කලාව,මූර්ති ආදියෙහි වටිනාකම් නැති වී ගොස් ඒ පිළිබ`දව තිබූ උනන්දුව ක‍්‍රමයෙන් අඩු විය.නමුත් යුරෝපයේ මධ්‍ය කාලීන යුගයේ දී මෙම යටපත් වී තිබූ ග‍්‍රීක සහ රෝම ශිෂ්ටාචාරවල නැවත උදාවක් දක්නට ලැබුණි.මෙම නැවත උදාව පුනරුදය ලෙස සමහරු විග‍්‍රහ කරති.සම කාලීන යුරෝපයේ බොහෝ රටවල ඇති වූ සංස්කෘතික, දේශපාලන, සමාජයීය, ආර්ථික, විද්‍යාත්මක සහ ආගමික ආදී සෑම අංශයක් තුළම ඇති වූ යළි උදාව පුනරුදය ලෙස අර්ථ දැක්වීමට ඉතිහාසඥයෝ පෙළැඹෙති.

පුනරුදය ඇති වීමට බලපෑ හේතු....


  •  ඔටෝමන් තුර්කීන් 1453 දී කොන්ස්තන්තිනෝපල් (ඉස්තාන්බුල්) නගරයට යටත් කර ගැනීම.

        කොන්ස්තන්තිනෝපල් නගරය පිහිටා ඇත්තේ කළු මුහුදෙහි මුවදොර තුර්කියත්, නැගෙනහිර යුරෝපයත් යා කෙරෙන ස්ථානයේ ය. මේ නිසා ආසියාවේ සිට ගෙන එනු ලැබූ වෙළ`ද ද්‍රව්‍යයන් සහ යුරෝපයේ සිට ගෙන එනු ලැබු වෙළ`ද ද්‍රව්‍යයන් හුවමාරු කර ගත්තේ මෙම නගරයේ දී ය. වෙළ`ද නගරයක් ලෙස පෙර අපර දෙදිගම ප‍්‍රසිද්ධියට පත් වූ මෙය 1453 දී ඉස්ලාම් භක්තික තුර්කිවරුන් විසින් යටත් කර ගන්නා ලදී. දැඩි මතධාරි ඔටෝමන් තුර්කිවරු ක‍්‍රිස්තු භක්තික වෙළෙදුන්ට මෙම නගරය ඔස්සේ වෙළ`දාම් කටයුතු කිරීම තහනම් කළහ. යුරෝපයේ ධනවතුන් උදෙසා මුතු, මැණික්, පට පිළි, සුව`ද විලවුන්, චීන පි`ගන් සහ විසිතුරු භාණ්ඩ ආදිය පෙරදිගින් ගෙන ගිය මාර්ගය මේ නිසා වැසී ගියේ ය. අධික ලාභ ලබාගත හැකි මෙම වෙළ`ද ද්‍රව්‍ය සොයා යෑමට යුරෝපීය වෙළෙදුන්ට සිදුවිය. මෙහි අනියම් ප‍්‍රතිඵලයක් වූයේ පෙරදිගට පැමිණිය හැකි මුහුදු මාර්ග සොයා යෑමට ඔවුන් පෙළඹීමයි.ඒ නිසා පුනරුදයේ එක් ප‍්‍රතිඵලයක් ලෙස දේශ ගවේෂණය හැ`දින්විය හැකි ය.

  •  12 වන සියවසේ සිට ක‍්‍රමයෙන් වර්ධනය වූ වෙළ`ද කටයුතු සහ මුදල් භාවිතය.
        කොන්ස්තන්තිනෝපලය ඉතා වටිනා වෙළ`ද මධ්‍යස්ථානයක් වූවා පමණක් නොව ග‍්‍රීක සහ රෝම ශිෂ්ටාචාරවලට අයත් ඉතා අගනා ග‍්‍රන්ථ එක් රැුස් කර තිබූ පුස්තකාලවලින් ද යුත් නගරයක් විය. තුර්කීන් මෙය යටත් කර ගන්නා විට එහි සිටි ක‍්‍රිස්තු භක්තිකයෝ එම වටිනා පොත පත රැුගෙන යුරෝපයට පලා ගියහ. ඉතාලියේ ෆ්ලොරන්ස් එසේ පැමිණි අයට රැුකවරණය සැලසූ ප‍්‍රධාන නගරයකි. මෙම පොත් පත් පරිශීලනය කළ උගතුන්ගේ මතවාද යුරෝපය පුරා ප‍්‍රචාරය විය. මේ නිසා දේවවාදයට යටත් ව තිබූ යුරෝපයේ මානවවාදී අදහස් වැඩි වැඩියෙන් පිළිගැනීමට ලක් විය. මෙම හේතුව නිසා සාහිත්‍යය, කලාව ආදී ශිල්ප ක‍්‍රම ලෞකික මුහුණුවරක් ගත්තේ ය.

  • මුද්‍රණ ශිල්පයේ ආරම්භය.
        මුද්‍රණ ශිල්පයේ දියුණුව ද පුනරුදයේ ගමන් ම`ග වේගවත් කිරීමට බල පෑ තවත් හේතුවකි. මුල දී පොත් පත් ලිවීම අතින් පමණක් කළ නිසා සෑම කෘතියකින් ම තිබුණේ එක් පිටපතක් පමණි. නමුත් චිනුන්ගෙන් ආරම්භ වූ මුද්‍රණ ශිල්පය අරාබීන්ටත් ඉන් පසු යුරෝපයටත් ශීඝ‍්‍රයෙන් පැතිර ගියේ ය. මෙසේ ලබා ගත් දැනුම ඇසුරෙන් ජර්මන් ජාතික ජොහැන්නස් ගුටෙන්බර්ග් පළමු මුද්‍රණ යන්ත‍්‍රය නිපදවීමත් සම`ගම පොත් පත් සුලභ වී නව අදහස් යුරෝපය පුරා වේගයෙන් පැතිර ගියේ ය. මුල් අවදියේ මුද්‍රණය කරන ලද පොත වූයේ බයිබලය යි. පූජක පක්ෂය දේශනා කළ දෙයට ම වහල් නොවී බයිබලය විචාරත්මක ව කියවා තම කල්පනා ශක්තිය දැනුම වර්ධනය කර ගැනීමට මෙකල යුරෝපයේ ජනතාවට හැකි විය. පොත් පත් විශාල වශයෙන් මුද්‍රණය වීමත් යුරෝපීය භාෂාවන්ගේ වර්ධනයන් නිසා ඇති වූ සමාජ විපර්යාසය පුනරුදයට මහත් ආශිර්වාදයක් විය.

  • විශ්ව විද්‍යාල බිහි වීම. 
        යුරෝපයේ බිහි වූ නව උගත් පරපුර පොත පත පරිශීලනය කිරීමත් සමගම විශ්ව විද්‍යාල රැසක් බිහි විය.ඉතාලියේ ෆ්ලෝරන්ස් ,පීසා, බොලොඤ්ඤා සහ පාදුවා, ප‍්‍රංශයේ පැරිස්, එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් සහ කේම්බි‍්‍රජ් යන විශ්ව විද්‍යාල පුනරුද යුගයට ආලෝකයක් සැපයූ ආයතන විය.ආගමික බැමි වලින් නිදහස් වූ චින්තනයක් ඇති වීමට මෙම විශ්ව විද්‍යාලවල මතවාද ඉවහල් විය. කොන්ස්තන්තිනෝපලයේ සිට ගෙන ආ පෙත් පත් මෙම විශ්ව විද්‍යයලවල උගතුන් පිළිගත් අතර ඒ අනුව ග‍්‍රීක සහ රෝම ශිෂ්ටාචාරවල ඉගැන්වීම් නැවත ජනප‍්‍රිය වීමෙන් පුනරුදයේ බුද්ධිමය පුනර්ජීවනයට මග හෙළි කළේ ය. 
  • කලාත්මක ක්ෂේත‍්‍රවලට ධනවත් පවුල්වල අනුග‍්‍රහය ලැබීම.
                පුනරුද යුගයේ ධනවත් පවුල්වල අනුග‍්‍රහය කලාත්මක ක්ෂේත‍්‍රවලට ලැබීම මෙම යුගයේ නව කලා කෘතීන් බිහි වීමට හේතු විය. මිලාන් හි ස්නේසා, ෆ්ලොරන්ස් හි මෙඩිචි සහ පුරා හි එස්ටේ යන ධනවත් පවුල්වල අනුග‍්‍රහය නිසා කලා කෘති ගණනාවක් බිහි වූ අතර සුප‍්‍රසිද්ධ ශිල්පීන් ගණනාවකට තම නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවස්ථාව ද සැලසුණි. මෙඩිචි පවුල ෆ්ලොරන්ස් නගරයේ ආරම්භ කළ කලා නිකේතනයෙන් පුහුණු වූ කලාකරුවන් අතර රෆායල්, ලියනාඩෝ ඩා වින්චි, මයිකල් ආන්ජෙලෝ වැනි ප‍්‍රසිද්ධ පුද්ගලයෝ ද වූහ. 
  • පැරණි ග‍්‍රීක සහ රෝම ශිෂ්ටාචාර උසස් යයි සම්මත පිළිගැනීමක්  වීම. 
        පැරණී ග‍්‍රීක සහ රෝම ශිෂ්ටාචාර උසස් යයි සම්මත පිළිගැනීමක් මුළු යුරෝපය පුරාම පැතිර ගියේ ය. මේ නිසා ග‍්‍රීක රෝම සම්භාව්‍ය කෘතීන් පරිහරණය කිරීමත්, එම භාෂාවන් ඉගෙනීමත් මෙකල විසූ වංශවත් පවුල්වල විලාසිතාවක් බවට පත් විය. ග‍්‍රීක සහ ලතින් යන භාෂාවලට නව පණක් ලැබිණ. ග‍්‍රීක නාට්‍ය සහ සාහිත්‍යය කෘති බිහි වූ අතර ලතින් භාෂාව ආගම සහ නීතිය පිළිබ`ද කටයුතුවල දී භාවිතා විය. මෙකල ඉතාලියේ විසූ ඩාන්ටේ, පෙට්රාක්, බොකැෂියෝ, මෙන් ම එංගලන්තයේ තෝමස් මුවර්, ප‍්‍රැන්සිස් බේකන් සහ විලියම් ෂේක්ස්පියර් සහ ප‍්‍රංශයේ ඉරස්මස් ද සාහිත්‍යයට විශාල සේවාවක් කළ ගත් කතුවරු වූහ.
  • මෙකල විසූ ජනතාව සෑම දෙයක් පිළිබදවම විචාරත්මකව සහ තර්කානුකූලව සොයා බැලීමට පුරුදු වීම. 
        පුනරුද සමයේ විසූ ජනතාව සියලූ දෙය පිළිබ`දව විචාරාත්මක චින්තනයෙන් යුතු ව සොයා බැලීමට යොමු වීම විවිධ ක්ෂේත‍්‍රවල පිබිදීමට හේතුවක් විය. මුද්‍රණ ශිල්පය දියුණු වීමෙන් පොත් පත් සුලභ වීම නිසා ජනතාවට තම දැනුම මුවහත් කර ගැනීමේ අවස්ථාව සැලසුණි. මෙතෙක් කල් දේවවාදයට නතු වී සිටි ජනතාව නිදහස් ව නිවහල් ව සිතීමට පුරුදු වූ නිසා මානවවාදී අදහස් මතු විය.මේ අදහස් නිසා නව විද්‍යානුකූල සොයා ගැනීම් සදහා මාවත විවර වුණි.මුල් කාලයේ නව මතවාද ඉදිරිපත් කිරීම නිසා තම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට මෙම නව චින්තකයන්ට සිදු විය.